ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගයට වැස්සෙන් බාධා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින තරගාවලියේ ප්‍රථම තරගය අද පැවැත්වීමට නියමිතව තිබුනේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට පමණ. නමුත් තවමත් තරගය ආරම්භ වී නැහැ. එයට හේතුව දැනටමත් අද හැලෙන වර්ෂාව බවයි දන ගන්නට ලැබෙන්නේ.
කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව ගොස් තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම තරග දෙක අතිශය වැදගත් වනු ඇති.

Leave A Reply

Your email address will not be published.