යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට තමන් දුරකථන ඇමතුමක් ලබා දුන්නේ හමුදා භාරයේ පුද්ගලයෙකු සිටිනවා දැයි දැන ගැනීමට මිස ඔහු නිදහස් කර ගැනීමට බලපෑම් කිරීමට නොවන බව ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.
පාස්කු ඉරිදා දිනය ඉන්නේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසු අත්අඩංගුවට ගන්නා සැකකරුවකු සම්බන්ධයෙන් තමන්ගෙන් ඇමතිවරයා ඉදිරි උදවු ඉල්ලූ බව යුද හමුදාපතිවරයා කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මේ බව කීය.
තමන් සැකකරු හමුදා භාරයේ සිටිනවාදැයි හමුදාපතිවරයාගෙන් විමසූ බවත් නමුත් නිදහස් කරන්නැයි කිසිවිටක බලපෑම් නොකළ බවත් ඇමැතිවරයා කීය.
ඒ සියලු තොරතුරු තමන් සතුව ඇති බවද හමුදාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.