සිරකරුවන් 762 ජනපති පොදු සමාවෙන් නිදහස.. ඥාණසාර හිමිට අදත් සමා නෑ..

අදට යෙදී ඇති වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය හේතුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙනෙකු නිදහස් කර ඇත.

වැලිකඩ බන්ධනාගාර පොදු ක‍්‍රීඩා පිටියේදී මෙම කටයුත්ත සිදු කර තිබේ.

සිරකරුවන් වැඩිම පිරිසක් එකවර නිදහස් කර ඇත්තේ මෙවර වන අතර නිදහස් කර ඇති සියළු දෙනාම සුළු වැරදි යටතේ සිරගත වු පිරිස් වෙති.

වසර 06ක සිර දඬුවම් විසින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන්නැයි විවිධ පාර්ශව වලින් ඉල්ලීම් කලද මෙම පොදු සමාව යටතේ උන් වහන්සේ නිදහස් කර නැත.

Leave A Reply

Your email address will not be published.