ISIS ත්‍රස්ත කඳවුරු 18 ක්… කදවුරු 05ක අවි පුහුණුව..

ඉස්ලාම් අන්තවාදී නායක සහ්රාන් මව්ලවී විසින් මෙරට ත්‍රස්ත පුහුණු මධ්‍යස්ථාන 18ක් පවත්වාගෙන ගොස් ඇතැයි රාජ්‍ය බුද්ධි අංශ විසින් හෙළිදරව් කරගෙන තිබේ.

මෙම ඇතැම් පුහුණු කඳවුරුවල ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා පෙර පුහුණුවීම් සිදුකර ඇති බවද සොයාගෙන ඇත.

එක් කඳවුරක ඔවුන්ගේ අන්තවාදී දර්ශනය පිළිගත් 10ත් 20ත් අතර පිරිසක් පුහුණුව ලබා ඇති බව හෙළිදරව් වී ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියයි.

මාවනැල්ල, ගම්පොළ, හම්බන්තොට, නුවරඑළිය, වනාතවිල්ලුව, කාත්තන්කුඩි ආදී ප්‍රදේශ ගණනාවක මෙම කඳවුරු පවත්වා තිබිණි. මෙයින් කඳවුරු 5කට වැඩි ගණනක ඍජුවම අවි පුහුණුව පවත්වා ඇතැයි සඳහන්ය.

දැනට සොයාගෙන ඇති බුද්ධි තොරතුරු ඔස්සේ තවත් ත්‍රස්ත කඳවුරු ක්‍රියාත්මක වී ඇත්දැයි සොයා බලමින් පවතී.

විශේෂයෙන් ඉස්ලාම් අන්තවාදී සංවිධානයට සම්බන්ධ තරුණයන්, කාන්තාවන් සහ ළමයින් ගණන වෙන් වෙන්ව හඳුනාගැනීමට වෙනම පරීක්ෂණයක් දියත් කර ඇත.

– deshaya

Leave A Reply

Your email address will not be published.