බෝම්බ ප්‍රහාරයක් ගැන තොරතුරු ලැබී නල්ලුර් කෝවිලට දැඩි ආරක්‍ෂාවක්..

බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්නේ යැයි ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් යාපනය නල්ලූර් කෝවිල අවට ඊයේ දිනයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණි.

මෙම ලිපිය උතුරු ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් වෙත වෙත නිර්නාමිකව එවා තිබූ අතර ඒ හේතුවෙන් ති‍්‍රවිධ හමුදාව පොලීසිය හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදා කෝවිල අවට ආරක්ෂාව තර කර තිබිණි.

නල්ලූර් කෝවිලේ පූජාව වෙනුවෙන් සිකුරාදා දිනයේ විශාල පිරිසක් පැමිණෙන නිසා එම ප්‍රදේශයන්හි ආරක්ෂාව දැඩි කරන ලදී.

එම ආරක්ෂක වැඩපිළිවෙළ හෙතුවෙන් යාපනය පේදුරුතුඩුව මාර්ගය කෝවිල සීමාවෙන් වසා දමා තිබිණි.

පොලිසිය ලිපිය ගැන විමර්ශන ආරම්භ කර ඇත.

lankacnews

Leave A Reply

Your email address will not be published.