අලුත් පෙරමුණක් හදනවා..- චම්පික රණවක

ආණ්ඩුවේම සිටිමින් ත්‍රස්තවාදයට විරුද්ධව පුළුල් පෙරමුණක් සකස් කරන බව ජාතික හෙළ උරුයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පවසනවා.

මෙම පුළුල් පෙරමුණට උතුරේත් දකුණේත් ප්‍රධාන දේශපාලන නායකයන් මෙන්ම ප්‍රභූන් විශාල පිරිසක් සහාය පළකර ඇති බවත් ඔහු කියනවා.

ත්‍රස්තවාදය පරාජය කිරීමට සැලසුම් සහිත වැඩපිළිවෙළක් සකස් කර එය රජය ලවා ක්‍රියාත්මක කරවීමට බලපෑම් කරන බවත් ඔහු සදහන් කලා.

තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියා.

lankacnews

Leave A Reply

Your email address will not be published.