තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය තුරන් කර අදට (18) දස වසරක් සැපිරෙයි.
2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත්විමත් සමඟ වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධය අවසන් වුණි.
ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනීමේ ගෞරව ද මේ සමඟ ලංකාවේ ආරක්ෂක අංශ වෙත හිමි වෙයි.
මේ අතර යුද්ධයේදී දිවිපිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ ඒ වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් සිහිපත් කරමින් සිදු කරන ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පැවැත්වීමට නියමිතයි.
හෙට පස්වරු 03ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේ රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙනු ඇත.
ත්‍රිවිද හමුදාවේ මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව ඇත.