සාමයේ දසවර්ෂාභිශේක සැමරුම හෙවත් මානුෂීය මෙහෙයුම ජයග්‍රහණය කර දස වසරක් සපිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවේදී වීඩියෝ නිර්මාණයක් ඉදිරිපත් කොට තිබෙනවා.
ත්‍රස්තවාදයක් පරාජය කොට දසවසරක් සපිරෙද්දී, ත්‍රස්තවාදයක් නිසා යලිත් අපි, ඔබේ ආදරය මිහිදන් කිරීමට ඉඩ නොතබන්නෙමු යන්න එහි තේමාවයි. හැකිතාක් කරමින් මේ පණිවුඩය බෙදා හැරීම අද වනවිට සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම බවට පත් ව තිබෙනවා.
වෙනස් ම වූ මානයකින් යුද්ධයේ බිහිසුණු බව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානුෂීය බව මෙන්ම එඩිතර බවත් පිළිබිඹු කරමින් මෙම වීඩියෝව නිර්මාණය කොට තිබෙනවා. මානුෂීය මෙහෙයුමේ අවසන් දින කිහිපය ගෙවුණු නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව මෙය රුගත කොට තිබෙනවා. මෙම නිර්මාණය පිලිබඳ වැඩි තොරතුරු බලාපොරොත්තු වන්න.
වීඩියෝව පහලින්