අසාද් සාලි, ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කිසියම් අයකු වූ අන්තවාදී ක්‍රියා වල නිරත වී ඇත්නම් හෝ ඒවාට සහාය වී ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම ක්‍රියාමාර්ග ගනු ඇතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
සැකයක් තිබූ පමණින් ඔවුන් වැරැදිකරුවන් කළ නොහැකි යැයිද කී ජාතික සංවිධායකවරයා ඔවුන් අන්තවාදී ක්‍රියා වල නිරත ව ඇතැයි ඔප්පු වුවහොත් අනිවාර්යයෙන්ම ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු යැයිද සඳහන් කළේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි ලෙස අන්තවාදයට විරුද්ධව බවත් කිසිම අවස්ථාවක අන්තවාදීන් ආරක්ෂා කිරීමට සූදානම් නැති බවත් දිසානායක මහතා සඳහන් කළේය.
ඔහු මේ අදහස් පළ කළේය කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
cnews