ත්රස්තවාදය වැළැක්වීම සඳහා නව නීතී සම්පාදනය කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
හම්බන්තොට පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සුඛිත පුරවර වැඩසටහනට අනුව රුපියල් ලක්ෂ 1000ක වියදමින් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා පූර්ණ අධික්‍ෂණය යටතේ මෙය ඉදිකර ඇත.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.
“මේක ආරක්‍ෂක අංශවලටම විසඳන්න පුළුවන් ප‍්‍රශ්නයක් නෙමෙයි. මේකේ නීති පැති තිබෙනවා, සමාජමය පැති තිබෙනවා, මේකේ දේශපාලනමය පැති තිබෙනවා. අපි මතක තියා ගන්න ඕනේ අද මේ අන්තර්ජාතික ත‍්‍රස්තවාදය දිව යන්නේ අන්තර් ජාලයෙන්.
ෆේස් බුක් එකෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලයේ වෙනත් උපකරණ හරහා. අපිට අලුත් නීති අවශ්‍යයි. විශේෂයෙන්ම මේ ත‍්‍රස්තවාදය මැඩලීම සඳහා නව නීති සම්පාදනය තමයි අපේ පාර්ලිමේන්තුවේ පළවෙනි කාර්ය භාරය විය යුත්තේ.
ඒ සඳහා තමයි පක්ෂ පාඨ බේදයකින් තොරව අපි සියළු දෙනාම ඇප කැප විය යුත්තේ. ඒ වගේම අපේ මුස්ලිම් ජනතාවටත් වගකීමක් තිබෙනවා.
මොකද මේ පසුගිය දශකයක දෙකක කාලය තුළ මුස්ලිම් ජනතාවගේ ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය වෙනුවට අපට පෙනුනේ ඇතැම් පිරිසක් උත්සාහ කරනවා අරාබි අනන්‍යතාවයක් මේ රටේ ඇති කරන්න.
සිංහල දෙමළ භාෂාව ඉගෙන ගන්නවා වෙනුවට අරාබි ඉගෙන ගන්න. ඒ වගේම අරාබියේ තිබෙන ඇඳුම් පැළඳුම්, සංස්කෘතික ඇවතුම් පැවතුම් අපේ රටට ගේන්න.“