ජර්මානු තානාපතිත් මහින්ද හමුවේ

ජර්මන් තානාපති Joerm Rohde මහතා හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම නිල නිවසේදී පැවැත්වුණි.

මෙම හමුවේදී රට තුළ මතු වී ඇති වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡාවට ලක් වූ අතර මෙම තත්වය ඉක්මණින් යථාතත්වයට පත්විය යුතු බව ද ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද ජර්මානු තානාපතිතුමා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා දැනටමත් මේ සම්බන්ධව රජය සමඟ සාකච්ඡා කර ඇති බවත් රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට විපක්‍ෂයක් වශයෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට සූදානම් බව රජයට පවසා ඇති බවද ඒ වෙනුවෙන් මහජනතාව වෙත මේ වන විට නිවේදන කිහිපයක් නිකුත් කර ඇති බව මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

Leave A Reply

Your email address will not be published.