ත්‍රස්ත ප්‍රහාර පිටුපස ලේක්හවුස් මාධ්‍යවේදියෙක් ?
ලේක්හවුස් පත්තර වෑන් එකෙන් පල්ලිවලට කඩු බෙදලා.. සහරාන්ගේ බිරිද කාත්තන්කුඩි ගෙනගිහින්..
රජයේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ආයතනය වන ලේක්හවුස් ආයතනය ISIS ත්‍රස්තවාදීන්ගේ උපායමාර්ගික වශයෙන් සැලසුම් මෙහෙයවන ස්ථානයක් දැයි සැක මතුව තිබෙන බව ලේක්හවූස් සේවකයන් පවසයි.
ඊට හේතුව වන්නේ ලේක්හවුස් පුවත්පත් කාත්තන්කුඩි දක්වා ප්‍රවාහනය කරන LL-0842 දරණ වෑන් රථයෙන් සහරාන්ගේ බිරිද සහ තවත් ත්‍රස්‌තවාදීන් ගමන් කර ඇති බව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පරීක්ෂණ අනුව හෙලි වී තිබීමයි.
මේ ගැන ලේක්හවුස් ආයතනයේ ‘මාංචු’ නැමැති අපරාධ වාර්තා කරන සිංහල පුවත්පතේ ආරක්ෂක වාර්තා සිදුකරන මාධ්‍යවේදීනී තක්ෂිලා ජයසේකර 2019.05.07 අඟහරැවාදා මැද පිටුවේ සහරාන් ගැන ලියු ලිපියේ අවසානයේ සඳහන් කර ඇත.
ඒ මාධ්‍යවේදීනියට අනුව සහරාන්ගේ බිරිද පුවත්පත් බෙදා හරින ලොරි රථයට ගොඩවී ඇත්තේ ‘රීගල්’ සිනමා ශාලාව අසලිනි.
ඒ අනුව කොළඹ අපරාධ කොට්‌ඨාසය ලේක්හවුස් පුවත්පත් කාත්තන්කුඩි දක්වා ප්‍රවාහනය කළ .LL-0842 රථයේ රියදුරු ‘රිෆාස්’ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්‌ඨාසය අනුව සහරාන්ගේ බිරිද පානදුර සරික්කමුල්ල නිවසෙන් ලේක්හවුස් පුවත්පත් කාත්තන්කුඩි ගෙන යන ලොරි රථයට ගොඩ වී තබෙන බව වාර්තා වෙයි.
එම වෑන් රථය ලේක්හවුස් ආයතනයේ පුවත්පත් පටවා ගන්නා තුරු ලේක්හවුස් ඉදිපිට රීගල් සිනමා ශාලාව අසලින් සහරාන්ගේ බිරිද බැස ඇති අතර රියදුරා පුවත්පත් පටවාගෙන ආපසු පැමිණි පසු සහරාන්ගේ බිරිය පුවත්පත් ප්‍රවාහනය කරන රථයට නැග ඇත. එය ලේක්හවුස් ‘මාංචු’ පුවත්පතේ 2019.05.07 වාර්තා කර තිබේ.
ඊට අමතරව කොළඹ අවට ස්ථානවලට කඩු ප්වාහනය කීරීම්වලට මෙම ලේක්හවුස් පුවත්පත් බෙදාහරින රථය යොදා ගෙන ඇති බවද ‘මාංචු’ පුවත්පත වාර්තා කර තිබේ.
එපමණක් නොව ලේක්හවුස් ආයතනයේ නව මාධ්‍ය අංශයේ මාධ්‍යවේදියකු වන මොහොමඩ් නමැත්තා මරදාන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ දැනට සතියකට පෙරය.
ඊයේ 16 උදෑසන ලේක්හවුස් දිනමිණ කර්තෘවරියගේ නිල කාමරය අසළින් ලේක්හවුස් ආපනශාලාවට යන පඩිපෙළ අසල ඇති ලේක්හවුස් මුස්ලිම් ජාතිකයන් ආගම අදහන ස්ථානයේ තිබී සිංහල නම් සඳහන් ජාතික හැඳුනුම්පත් සහ පාස්පෝට් තොගයක් හමුවී ඇති අතර ඒවා කොටුව පොලීසියට බාර දී තිබේ.
ලේක්හවුස් සේවකයන් පවසනූයේ ජාතික හැඳුනුම්පත් 100 සහ පාස්පෝට් 50 එම ස්ථානයේ තිබු බවය. නමුත් කොටුව පොලිසියට බාර දී තිබෙන්නේ ඉන් 50 පමණක් බව සේවකයන් පවසයි.
ලේක්හවුස් සේවකයන් මේ ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටී. ලේක්හවුස් ආයතනය අද අනාරක්ෂිත බව සේවකයෝ පවසති. එහි සේවකයන් 1700 සේවය කරති.
ලේක්හවුසියට වහාම බෝම්බ හඳුනා ගැනීමේ යන්ත්‍රයක් ගෙන්වීමට ආයතනය තීන්දු කර තිබේ. ISIS ත්‍රස්ත ක්‍රියාවලට ලේක්හවුස් ආයතනයට සම්බන්ධ දෙදෙනකු සැකපිට අත්අඩංගුවට පත්ව තිබුණත් ආයතනය සම්පූර්ණ පරීකෂා නොකරන්නේ මන්ද යැයි සේවකයන් ප්‍රශ්න කරති.
උපුටා ගැනීම – ලංකා සි නිවුස්