ඉදිරියේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වීම හෝ නොවීම ගැන තමන් මෙතෙක් තීරණය කර නැති බව සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
ස්කොට්ලන්තය සමග 18 හා 21 පැවැත්වෙන තරග සදහාද තමන් නම එක් කර නැතැයි ඔහු සදහන් කරයි.
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමෙන් පසු මාලිංග මේ වන විට ශ‍්‍රී ලංකාවට ආපසු පැමිණ සිටී.