එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික හා සංස්කෘතික අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත Tim Sutton මහතා ඇතුලු නියෝජිත පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී හමුවූහ.
මෙහිදී Tim Sutton මහතා මේ දින වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් වලට නොපැමිණීමේ ප්‍රශ්ණය ගැන සාකච්ඡා කළේය. මේ සම්බන්ධයෙන් දරුවන් මෙන්ම මවුපියන් ද අභිප්‍රේරණය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
ඊට පිළිතුරු වශයෙන් විපක්ෂ නායකවරයා සඳහන් කළේ රටේ ආරක්ෂක තත්වය යථා තත්වයට පත්වී ඇති බවට මාපියන් සහ දරුවන් අතර විශ්වාසය ගොඩනැගීමේ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කළ පසුව පාසල් වලට දරුවන් පැමිණීම සමාන්‍ය තත්වයට පත්වනු ඇති බවය.
තවද දිවයින පුරා ඒ ඒ ප්‍රදේශ වල නීතිය සාමය සහ සංහිඳියාව පවත්වාගෙන යාම සඳහා ආගමික නායකයින්, ආරක්ෂක අංශ සහ ප්‍රදේශයේ ජනතාව සමඟ සමීප සම්බන්ධතාවයකින් යුතුව ක්‍රියා කරන ලෙස විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් දැනටමත් දැනුම්වත්කොට ඇති බව ද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවට හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද සහභාගී විය.
රොහාන් වැලිවිට
මාධ‍්‍ය ලේකම්