සතොස ප‍්‍රධාන ගොඩනැගිල්ලේ 09 වැනි මහල සැක සහිතයි

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ ඇමති කාර්යාලය පිහිටා තිබෙන කොළඹ වොක්ෂෝල්වීදියේ පිහිටි සතොස ප්‍රධාන ගොඩනැඟිල්ලේ සැකසහිත කටයුතු සිදුවන්නේ යයි සතොස සේවක එකමුතුව කියා සිටී.

මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් කියා සිටියේ හැකි ඉක්මනින් මේ ගැන පරික්ෂණයක් පවත්වන ලෙසත් ගොඩනැගිල්ලට හමුදා ආරක්‍ෂාව ලබා දෙන ලෙසත්ය.

එම ගොඩනැඟිල්ලේ 09 වන මහල ‘යුනිඩෝ’ නම් සංවිධානයකට ලබා දී ඇත්තේ කිසිදු ගිවිසුමකින් තොරව බවත් රට තුළ තිබෙන තත්වය මත මේ ගැන සැක බවත් ඔවුන් පවසති.

මෙම මහලට කිසිවෙකු ඇතුළු වීමට නම් දුරකථන ඇමතුමක් දිය යුතු බවත් පසුව දොර ක්ෂණීකව දොර වසා දමන බවටත් සේවකයන් පවසති.

lankacnews

Leave A Reply

Your email address will not be published.