ත්‍රස්තවාදීන්ගේ නිවාස 17ක් හා පුහුණු කඳවුරු 7ක් සොයාගනියි

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් භාවිත කළ ආරක්ෂක නිවාස 17ක් හා පුහුණු කඳවුරු 7ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

අද (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.

සොයාගත් නිවාස 17 කටුවපිටිය මීගමුව,සරික්කමුල්ල පානදුර, ශාන්ත අන්තෝනි පාර කෙළඹ 03, ටෙම්පල්ස් පාර ගල්කිස්ස, එඩේරමුල්ල වත්තල, වනාතවිල්ලුව. සයින්දමර්දු 9, මල්වාන, තිහාරිය, කොච්චිකඩේ දලුවකොටුව, කුලියාපිටිය, හෙට්ටිපොළ, කටුපොත, නින්දවුර්, වාලච්චේන, සමන්තුරේ, මයුර පෙදෙස කොළඹ 6 යන ස්ථානවලින් සොයාගෙන තිබේ.

පුහුණුකඳවරු වනාතවිල්ලුව, හම්බන්තොට, නුවරඑළිය, නුවර අරුත්පොළ, මල්වාන, වාලච්චේන, කන්තන්කුඩි යන ප්‍රදේශවලින් සොයාගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.