ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වීමට කිෂූ ගෝමස් මහතා තීරණය කර තිබේ.
ඊට අදාල ලිපිය විෂයභාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වෙත භාරදුන් බව ඔහු සදහන් කළේය.
කිෂූ ගෝමස් මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මෙන්ම සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේද සභාපති ධුරයේ කටයුතු කළේය.
කෙසේවෙතත් ආයතන දෙකක කටයුතු කිරීම දුෂ්කර බැවින් මෙම තීරණය ගත් බවයි කිෂූ ගෝමස් මහතා සදහන් කළේ.