ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව වැනි වචන අද වන විට දූෂණය වී ඇති බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමි පවසයි.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද(14) පස්වරුවේ කොළඹ පැවති ජාතික මග මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුළුවට එක්වෙමින්ව.
රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මණ්ඩලයට නොගියට ගැටළුවක් නොමැති බවත් එහෙත් අගමැති ආරක්ෂක මණ්ඩලයට නොයෑම ප්‍රශ්නයක් බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පෙන්වා දෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් මේ බව පැවසීය.
“එන්න කියන්නේ නැති නිසා. නොගියා කියන්න බැහැ. ආරක්ෂක මණ්ඩලයට නොයෑම. ආරක්ෂාව ගැන රජය දැක්වූ නොසැලකිල්ල. අද සිදුවන දේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු. වගකීම් ඉටු නොකිරීමේ විපාකය
හැමෝම ඇවිත් දුක කියනවා. මැති ඇමතිවරු, අගමැති, ජනපති දුක කියද්දි. ඒ අය කවුද? අපි කවුද? විහිළු ගෙන ඒම බරපතළ වැරැද්දක්.
හාමුරුවෝවත් කියන්නේ නැහැ. මේක සිංහල බෞද්ධ රට කියලා. හැබැයි කාදිනල්තුමා කියනවා. මංගල ඇමතිතුමාට විතරක් අසනීප වෙනවා. මේ වගේ වෙලාවක කිවයුතු දේවල්ද?
පෝස්ට් දාලා රට ගිනි තියනවා වගේ. කට කැඩිච්චි කතා කියන ඇමතිලාටත්. පරීක්ෂණ කරන්න කියලා මම කියනවා. මිනිස්සු කුපිත කරන්නේ ඒ කතාවලින්. ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව දූෂණය කළා. මිනිස්සුන්ට ඒ ගැන කියද්දි හිනායනවා
ලක්ෂ 62ක් ඡන්දය දුන්නා නේද?ඒ මාතෘකා කතා කර කර ඉද්දි. රට අරාජික තත්ත්වයක් උදාවෙලා.“