අමෙරිකාව සමඟ පවතින වෙළඳ යුද්ධය තවත් උග්‍ර අතට පත් කරමින් අමෙරිකානු ආනයන මත නව තීරු බද්දක් පැනවීමට චීනය තීරණය කර තිබේ.
අමෙරිකානු ඩොලර් බිලියන 60ක් වටිනා ආනයන මෙම නව බද්දට යටත් වනු ඇති.
චීනය සහ අමෙරිකාව අතර වෙළඳ යුද්ධය දිනෙන් දිනම උග්‍ර වෙමින් පවති.
මෙම තත්ත්වය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයන් අතර වූ සාකච්ඡාවද අසාර්ථක වූ බව විදෙස් වාර්තා පසුගියදා අනාවරණ කළේය.
ඒ සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 200ක් පමණ වටිනා චීන ආනයන මත නව තීරු බද්දක් පැනවීමට අමෙරිකාව පියවර ගත්තේය.
මෙම අර්බුදය තවත් උග්‍ර අතට පත් කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 60ක් වටිනා අමෙරිකානු නිෂ්පාදන මත සියයට පහේ සිට සියයට විසි පහ දක්වා නව තීරු බද්දක් පනවන බව චීනය පවසයි.
චීන පාර්ලිමේන්තුවේ තීරුබදු ප්‍රතිපත්ති කොමිසම විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක් වේ.
භාණ්ඩ පන්දහසකට වැඩි ප්‍රමාණයක් එම තීරු බද්දට යටත් වනු ඇති.
මේ අතර බීජිං නුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබුණේ කිසි විටකත් බාහිර බලපෑම් වලට යටත් නොවන බවයි.