රටේ පවතින අනාරක්‍ෂිත තත්ත්වය හේතුකොටගෙන මෙවර යාපනයේ් සිට කතරගම දක්වා ගමන්ගන්නා පාද යාත‍්‍රාව ආරම්භ නොවන බව එම පාද යාත‍්‍රාවේ නායක වේල්සාමි මහතා පැවැසීය.
රට තුළ ඇතිවී තිබෙන නොසන්සුන්තාව සන්සුන් වුවහොත් කල්මුණේ සිට මෙම පාද යාත‍්‍රාව ආරම්භ කිරීමට අදහස් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
මේ අතර කතරගම වාර්ෂික ඇසළ උත්සවය ජූලි මස 3 වැනිදා ආරම්භ වන අතර 17 වැනිදා දිය කැපීමේ උත්සවයෙන් අවසන් වීමට නියමිතය. කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැෙඟනහිර සිට විශාල බැතිමතුන් පිරිසක් පාද යාත‍්‍රාව මගින් මෙම උත්සවයට සහභාගි වීම විශේෂත්වයක් විය.
කල්මුණේ – ආර්. ශී‍්‍ර වේල්රාජා
දිවයින