ගැටුම්වලට මැදිහත් නොවී සාමකාමී ලෙස කටයුතු කිරීමට ජනතාව පියවර ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ රට තුළ කලකෝලහාල ඇති කිරීම තුළින් සිදුවන්නේ අන්තවාදීන්ට සහය දැක්වීමක් බවයි.
අද දෙරණට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි මේ බව සඳහන් කළේය.
රටේ ජනතාව මේ අවස්ථාවේ බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කරයි.
මේ අතර, රටට ආදරය කරන පුරවැසියන් ලෙස ඉතාමත් ඉවසීමෙන් කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ කිසිදු පුද්ගලයෙකුට මේ අවස්ථාවේ පහරදීම් සිදුනොකළ යුතු බවයි.