බුර්කා ගැලෙවුවාම හෙළුවෙන් ඉන්නවා වගේ.. බුර්කා-නිකාබ තහනමට මුස්ලිම් කාන්තාවන් අකමැති වෙති..

මුහුණු ආවරණ මෙරට තුල භාවිතය රජය විසින් තහනම් කර ඇතත් බුර්කා‍, නිකාබ වැනි ඇදුම් එක්වරම ඉවත් කිරීමට නොහැකි බව මුස්ලිම් කාන්තාවන් පවසන්නේ යයි මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ කලක සිටම මුහුණ වසා ගමන් කළ නිසා එක්වරම මුහුණ නිරාවරණය කිරීමේ යම් අපහසුවක් ඇතැයි ඔවුන් පවසන බව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එම්.ආර්.එම්. මලික් මහතා සඳහන් කරයි.

මුහුණ ආවරණ ඉවත් කර යාම නිරුවතින් පාරේ යන ලෙස දැනෙන බව එක් කාන්තාවක් පැවසූ බවද ඔහු කියයි.

එනිසා මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව හා නිකාබය ඉවත් කිරීම සදහා හුරුවීමට ටික කාලයක් ගතවනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

රජය විසින් මහුණු ආවරණ තහනම් කර ඇති නිසා ඒ අනුව කටයුතු කරන්නැයි සියලු මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලන බවත් රජය පනවන ඕනෑම නීතියකට මුස්ලිම් සමාජයද යටත් බවත් ඔහු වැඩි දුරටත් කීය.

Leave A Reply

Your email address will not be published.