වර්තමාන එජාප ආණ්ඩුව තුළ ISIS ඇමැතිවරුන් කිහිප දෙනකුම සිටින බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති.
එම ඇමතිවරුන් නිසා අද මෙම ප්‍රශ්න බොහෝ දුරට ඇති වී තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.
සමගි බලවේග සංවිධානය විසින් කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.
රිෂාඩ් බදුර්ඩීන් වැනි ඇමතිවරුන්ගේ ඇමතිධූර තහනම් කරපු කළ යුතු බවත් එල් ඒ එම් හිස්බුල්ලා ආණ්ඩුකාරයාගේ එම ධුරය අත්හිටුවිය යුතු බවත් කී උන්වහන්සේ ඔවුන් අත්අඩංගුවට ගෙන මාස තුනක කාලයක් තුළ දඬුවම්දිය යුතු බවද කියා සිටියහ.
මෙම සිදුවීම්වලට මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග යන අය ද වගකිව යුතු බවත් ඡන්ද ලක්ෂ පහකට පෙරේතකමෙන් රටම පාවා දුන් බව ද උන්වහන්සේ වැඩිදුරටත් එහිදී කීහ.