අද වන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතාව බවට පත්ව ඇත්තේ ජංගම දුරකතන ජනමාධ්‍යකරණය (Mobile Journalism) යන්නයි.
එය MOJO යන කෙටි නමින් අර්ථ දැක්වනු ලබයි.
Mobile Journalism ජනමාධ්‍යකරණයේදී පුවත් රැස් කිරීම, සැකසීම සහ බෙදා හැරීම යන ක්‍රමවේදයන් ජංගම දුරකතන මඟින් පමණක් සිදු කිරීමේ හැකියාව පවතියි.
මෙම ප්‍රවණතාව සංවර්ධනය කිරීමේ අරමුණෙන් ජංගම දුරකතනයෙන් මාධ්‍යකරණයේ යෙදෙන නිර්මාණකරුවන් (Smart Phone Content Creators) සඳහා අයර්ලන්තයේ MOJO Fest නමින් වාර්ෂික උළෙලක් පවත්වනු ලබයි.
ඊට සමගාමීව මහා බ්‍රිතාන්‍යයේ ජනමාධ්‍ය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක Thomson Foundation ආයතනය ලොව පුරා ජංගම දුරකතන මාධ්‍යවේදීන්ගේ රූපමය පුවත් වාර්තා වෙනුවෙන් MOJO Competition යනුවෙන් තරගයක් සංවිධානය කරයි.
“MOJO Competition 2019” වෙනුවෙන් අද දෙරණ සාමාන්‍යාධිකාරී K C සාරංග, ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටළුව පිළිබඳ ඉදිරිපත් කළ රූපමය පුවත් වාර්තාව රටවල් 55කින් ඉදිරිපත් වූ මාධ්‍යවේදීන් 154කගේ නිර්මාණ අතරින් අවසාන පුවත් වාර්තා හය අතරට තේරී පත්ව තිබේ.
adaderana.lk