තම පණ බේරා දෙන්නැයි මධුෂ් රහස් පොලීසියේදී හඬා වැටේ.. සියළු අපරාධ හා සහාය දුන් අය වමාරයි..

රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් එහි නිළධාරීන් ඉදිරියේ වැඳ වැටෙමින් තම ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

තමා පාතාල ක්‍රියාකාරකම්, ඒ සඳහා සහාය දුන් පුද්ගලයන් ආදී සියලු තොරතුරු ලබාදීමට සහ හෙළි කිරීමට එකඟ වී ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටියේය.

පසුගිය පෙබරවාරි 05දා ඩුබායි හිදී අත්අඩංගුවට ගන්නා ලද මාකඳුරේ මධූෂ් ඊට මාස 03කට පසු මැයි 05 වැනිදා ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදී.

පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගත් ඔහු මේ වන විටත් රහස් පොලිසිය බාරයේ පසුවෙයි.

මිනීමැරුම් මංකොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ කටයුතු 50 ක පමණ ප්‍රමාණයක් සම්බන්ධයෙන් මධුෂ් චෝදනා ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

lankacnews

Leave A Reply

Your email address will not be published.