කොළඹ නිවාස සංකීර්ණ 2ක ජනතාවට ඉවත් වෙන්නැයි දැනුම්දීමක්

කොළඹ මෙත්සිරි උයන සහ සිරිසර උයන මහල් නිවාස සංකීර්ණවල ජීවත්වන ජනතාවට ඉන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.

පැල්පත් නිවාස වල සිටින ජනතාවට රජය විසින් ලබා දුන් මෙම මහල් නිවාස සංකීර්ණ කුළී පදනම මත ඔවුන් විසින් වෙනත් පාර්ශවයන් වෙත ලබා දී ඇති බව වාර්තා වෙයි.

දින කිහිපයක සිට එම මහල් නිවාස සංකීර්ණ වලට ලබාදෙන ජල පහසුකම් අත්හිටුවීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

ඒ අනුව සිරිසර උයන සහ මෙත්සිරි උයන නිවාස සංකීර්ණවල සිටින ජනතාවට ඉන් ඉවත් වන ලෙස නාගරික සංවර්ධන අධිකාරීය දැනුම් දී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

Leave A Reply

Your email address will not be published.