කොලඹ 07 නිවසක ISIS ප‍්‍රබලයන් දෙදෙනෙක්

ISIS ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු කොළඹ 7 ටොරින්ටන් ප්‍රදේශයේ නිවසකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුඳුවත්ත පොලිසිය පවසන්නේ එකම පවුලේ සහෝදරයන් වන මෙම දෙදෙනා සමග යුධ හමුදා කැලෑ ඇඳුම් කිහිපයක් ද අත්අඩංගුවට ගත් බවයි.

මෙම දෙදෙනා ගේ පියා මීට දින කිහිපයකට පෙර නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවද පොලිසිය සඳහන් කරයි.

මොවුන් දෙදෙනා ද ISIS ත්‍රස්තවාදී මතයට නැඹුරුව කටයුතු කරන බවට බුද්ධි අංශ මගින් හෙළිකරගත් තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනාගේ නම්ද මෙරට ආරක්ෂක අංශ සතුව තිබෙන ISIS ත්‍රස්තවාදීන් ගේ නම් ලැයිස්තුවේ ද සඳහන් වන බව වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.