සම්මානනීය කලාකරු ලලිත් රත්නායක තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කරන විෂම භාග චිත්‍රපටයේ මංගල දර්ශනය ඕස්ට්‍රේලියාවේ මෙබර්න් නුවර ASTOR සිනමා ශාලාවේදී අගෝස්තු 24,සවස 02 ට පැවැත්වීමට නියමිතයි.
මෙම සිනමා නිර්මාණයට ජැක්සන් ඇන්තනි, හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරි කුමාර, තිලක්ශනී රත්නායක ආදී පිරිසක් රංගන දායකත්වය සපයනවා.
කැමරා අධ්‍යක්ෂණය ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ පාලිත පෙරේරා ගෙන්.
ලලිත් රත්නායක මීට පෙර තෙත් සහ වියලි, අරුංගල්, තාත්තා වැනි මතකයේ රැඳෙන ටෙලි නිර්මාණ කිහිපයක් ම දායාද කොට තිබෙනවා.
මේ ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණයයි.