අතලොස්සක් කරපු දෙයින් අපිව සමාජයේ කොන් කරන්න එපා-ෆයිසර්

ඉස්ලාම් අන්තවාදින් විනාශ කිරිම සඳහා සියලු මුස්ලිම් ජාතිකයින්ගේ සහය හිමිවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම පිරිස මුස්ලිම් ජාතිකයින් නොවන බවත්, ත්‍රස්ථවාදීන් වන මෙම පිරිසට ආගමක් හෝ ජාතියක් නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මොවුන් අතලොස්ස හේතුවෙන් අද වන විට මුස්ලිම් ප්‍රජාව යම් යම් තැන්වල කොන්වී ඇති බව ද මුස්තාපා මහතා වැඩිදුරටත් පැවසීය.

මුස්ලිම් ජනතාව කෙරෙහි ඇති ආදර බැඳීම ඈත්ව තිබෙන බවත්, එම ආදරය හා සහෝදර බැඳීම යළි ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ද මන්ත්‍රිවරයා සඳහන් කරයි.

අතලොස්සක් සිදු කල අපරාධය හේතුවෙන් සමාජයෙන් මුස්ලිම් ජනතාව කොන් නොකරන ලෙස ද ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, මෙවැනි තත්ත්වයක් ඇති වේයැයි නොසිතීම මුස්ලිම් දේශපාලඥයින් අතින් සිදුවු වැරැද්දක් බව ද පැවසීය.

adaderana

Leave A Reply

Your email address will not be published.