අප්‍රේල් 21 වන දා එනම් පාස්කු ඉරිදා දිනයේ මෙරට බෝම්බ ප්‍රහාරයකට සූදානම් ව සිටි දසවැනි මරාගෙන මැරෙන බෝම්බකරු මක්කම වන්දනාවේ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි අද ජාතික පුවත්පත් වාර්තා කරයි.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද සදහන්ය.
පාස්කු ඉරිදා දිනයේ මෙම මරාගෙන මැරෙන බෝම්බකරුට ඉලක්කයක් නොලැබීමේ හේතුවෙන් ඉදිරියේ දී ප්‍රහාරයකට පෙර මක්කම වන්දනාවේ ගොස් ඇතැයි තොරතුරු ලැබී ඇති බව එම වාර්තාවන් හි දැක්වේ.
මෙම ත්‍රස්තවාදියා ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෝ බවත් ඔහුගේ සියලු තොරතුරු හෙළිදරව් කරගෙන ඇති බවටත් ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාවේ දක්වා ඇත.
cnews