සමාජ ජාලාවල තාවකාලික අවහිරය ඉවත් කෙරේ

සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීම මේ වන විට ඉවත් කර ඇති බව දැනුම් දෙනවා .

ඊයේ (05) රාත්‍රීයේ රජය විසින් සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කළේය.

ඊයේ පස්වරුවේ මීගමුව, කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් ඇඳිරි නීතිය පැනවනු ලැබුවේය.

ඒ අනුව මීගමුව, කොච්චිකඩේ, කටුනායක, දිවුලපිටිය, කොටදෙණියාව, පමුණුගම, රද්දොළුගම, සීදුව, දුංගල්පිටිය හා කටාන යන පොලිස් වසම්වලට මෙම ඇඳිරි නීතිය අද(06) උදෑසන 7 දක්වා බලපැවැත් විය.

කෙසේ වෙතත් මේ වන විට පොලීසිය හා ආරක්ෂක අංශ මැදිහත්ව ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර තිබේ.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට හා වැරදි පුවත් සමාජ ගත වීම වැළැක්වීම සඳහා රජය විසින් සියලු සමාජ ජාලා තාවකාලිකව අවහිර කළේය

Leave A Reply

Your email address will not be published.