ඉන්දියාවේ බටහිර මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී බිම් බෝම්බයකට හසුවීමෙන් පුද්ගලයන් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔවුන් අතරින් 15දෙනෙකුම පොලිස් නිලධාරීන් බව වාර්තා වෙයි.
බටහිර මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගාචිරෝලි නගරයේදී පොලිස් රථ දෙකක් මාවෝවාදී කැරලිකරුවන් ඇටවූ බිම්බෝම්බයකට හසුවී ඇත.
ඔවුන් ගමන්ගත් මාර්ගය හරහා වැටී තිබූ ගසක් ඉවත් කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
ඉන් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සහ රියදුරෙකු ලෙස කටයුතු කළ සිවිල් වැසියෙක් ජීවිතක්ෂයට පත්වුණි.
සිදුවීමෙන් අනතුරුව අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
ඉදිරියේදී එල්ල විය හැකි මෙවැනි ප්‍රහාර වැළැක්වීම සඳහා තමා සූදානමින් සිටින බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කළේය.