තිහාරි ප්‍රදේශයේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති කාන්තා සායවල් 28 ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිහාරියේ පදිංචි 41 හා 47 වියේ පසුවන මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් බවයි.
වෑන් රථයේ පොහොර උරයක තිබියදී මෙම කාන්තා ඇඳුම් සොයාගෙන ඇත.
සැකකරුවන් අද (02)අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.