බෝම්බ බියක් නිසා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගොඩනැගිල්ල සෝදිසි කරයි

කොළඹ 02 පිහිටි ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථා මූලස්ථාන ගොඩනැගිල්ලෙන් සියළු සේවකයන් ඉවත් කර සෝදිසි මෙහෙයුමක් කර තිබේ.

ගොඩනැගිල්ලේ 05 වැනි මහලේ තිබූ සැක සහිත පාර්සලයක් හේතුවෙන් මෙම සෝදිසි මෙහෙයුම ආරක්‍ෂක අංශ විසින් සිදු කර ඇත.

පොලිස් නිල සුනඛයෙකුද මේ සදහා යොදා ගෙන තිබූ අතර සැකකටයුතු පාර්සලයෙන් කිසිවක් හමු වී නැත.

Leave A Reply

Your email address will not be published.