ඒරාෂ්ටක අපලනම් මෙය කියවන්න

ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රයේදී අපට නිතර අසන්නට ලැබෙන ඒරාෂ්ටක අපල යනු ජන්ම පත‍්‍රයක 1, 2, 12 යන භාවයන්ට සෙනසුරු පැමිණීමත් සඳුගෙන් සෙනසුරු ග‍්‍රහයා අට වැනි භාවයේ ගමන් කිරීම හා සඳු සිටින රාශියට සෙනසුරු ගෝචරයෙන් පැමිණීම යන සිද්ධිදාමය වේ.

මෙවැනි යෙදුම් සහිත අපල කාල තුළ අදාළ ජන්මීන් තම තමන්ගේ එදිනෙදා සියලූ කටයුතු ඉතා ප‍්‍රවේශමෙන් සිදුකරගත යුතු අතර ඒ සඳහා සෑමවිටම තම පවුලේ ජ්‍යොතිර්වේදියා සමඟ සම්බන්ධකම් පවත්වමින් ලැබෙන උපදෙස් මත ක‍්‍රියා කිරීමෙන් අනවශ්‍ය ගැටලූවලට මැදි නොවී කිසිදු බාධාවකින් තොරව තමන්ට මුහුණ පෑමට සිදුව ඇති අපල කාල තුළ තමාගේ සෞඛ්‍ය තත්ත්වය අධ්‍යාපන කටයුතු රැුකියාව විවාහ ජීවිතය ආදී සියලූ දේ බාධාවකින් අඩාලවීමකින් තොරව ඉටුකරගනිමින් සිතේ සැනසීමෙන් ජීවත්විය හැකිය.

තත්ත්වය එසේ තිබියදී අද බොහෝ තරුණ තරුණියන් ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රය පිළිබඳව ඇති අනවබෝධය නිසාම තමන් වෙත ජන්ම ඒරාෂ්ටක අපලකාරී තත්ත්වයක් බලපැවැත්වෙන බව දැන දැනම ඒවා පැරණි මත සහ අසත්‍ය බව පවසා එම කාලය තුළ විවාහ කටයුතු සිදුකිරීමට සැරසෙන අයුරු අප ඉදිරියට එන හිතුවක්කාර බොහෝ තරුණ තරුණියන් වෙතින් අපට දකින්නට ලැබේ.

සත්‍ය වශයෙන්ම මෙය ඉතා අනුවණකාරී බරපතළ තත්ත්වයකි. යෝජිත හෝ පේ‍්‍රම සම්බන්ධයකින් විවාහ වීමට සැරසෙන දෙදෙනකු විවාහ කටයුත්තේදී ප‍්‍රථමයෙන්ම කළ යුත්තේ තමන් විවාහ උත්සවය සිදුකිරීමට තීරණය කරන කාල සීමාව තම ජ්‍යොතිර්වේදියාට දන්වා එම කාලසීමාව ඒ සඳහා සුදුසු ද මෙන්ම තමන් දෙදෙනාගේ ග‍්‍රහචාරය ඒ සඳහා සුදුසු ද යන්නත් විමසා දැනගැනීම වේ.

එසේ ලැබෙන උපදෙස්වලට අනුව යම් අපලකාරී කාලසීමාවක් උදා වී එම තත්ත්වය වැඩි කාල පරාසයක් තුළ පවතින්නේ නම් ජ්‍යෝතිර්වේදියා විසින් නියම කරනු ලබන ශාන්තිකර්මවල නිරත වන අතර තුර එකී මඟපෙන්වීම යටතේ තම විවාහ කටයුතු සිදුකර ගැනීම සුදුසු වේ.

මෙවැනි ඒරාෂ්ටක අපලයෙදී ඇති විවාහ පේක්‍ෂක දෙදෙනකුගෙන් පුරුෂ පාර්ශ්වය හෝ කාන්තා පාර්ශ්වය නිසි ප‍්‍රමිතියට අනුව ප‍්‍රස්ථාරගත කර ගත් ශනි මෘර්තුංජය යන්ත‍්‍රය නිවැරදිව ජීවම් කර තම උපන් නැකතට සීහෙන සුබ නැකතකින් පැළඳීම තුළ යහපත සලසා ගත හැකි අතර යම් ආකාරයකින් දෙදෙනාටම ඒරාෂ්ටක අපල පවතින්නේ නම් දෙදෙනාම අදාළ යන්ත‍්‍රය පැළඳීම කළ යුතුයි.

එවැනි වත් පිළිවෙත් ගරු නොකොට හිතුමතේ තම තමන්ගේ තනි තීරණවලට ඒරාෂ්ටක අපල කාල තුළදී විවාහ කටයුතු සිදුකිරීම තුළ විවාහ දිවිය අවුල් වී අයහපත් ප‍්‍රතිඵල හිමිවන්නේ තමන්ටම බව තරයේ සිහි තබාගත යුතුය.

Leave A Reply

Your email address will not be published.