පරිපාලන අමාත්‍යංශයේ ඉහළම පුටුවක සිටිනා මුස්ලිම් කාන්තාවක් අමාත්‍යංශ ගොඩනැගිල්ලේ සැලසුමක් සොයුරාට ලබා දීලා – සොයුරා තවුහිද් ජමාද්!
මෙරට ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදයේ භයානකම ස්වභාවය වන්නේ එම ත්‍රස්තවාදයට සම්බන්ධ බොහෝ පිරිස් ඒ බව සගවා ගනිමින් කටයුතු කිරීමයි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළම නිලයක කටයුතු කරමින් සැක සහිත අයුරින් හැසිරුනු එවැනි මුස්ලිම් කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම මුස්ලිම් කාන්තාව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්‍ෂ ධුරයක් දරමින් කටයුතු කරමින් සිටියි. ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුවයි.
අදාළ කාන්තාවගේ සොහොයුරෙකු තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජිකයෙකු බවත් අදාළ නිලධාරිණියගේ සොහොයුරා සතුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ගොඩනැගිල්ලේ සැලැස්මක් ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුව අදාළ මුස්ලිම් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇය රාජකාරී කරන ස්ථානය ඇතුළු සමස්ත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ගොඩනැගිල්ලම කුරුඳුවත්ත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂාවකට ද ලක්කර තිබෙනවා.
අත්අඩංගුවට ගැණුනු රාජ්‍ය නිලධාරිණිය ප‍්‍රශ්න කිරීම් සඳහා කොළඹ දකුණ නීතිය බලගැන්වීමේ ඒකකය වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.