බුර්කාව තහනම ගැන

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සමාජ ජාලා වල ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාර සම්බන්ධව

පසුගිය 29 වැනිදා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිත හමුවේදී මුස්ලිම් කාන්තාවන් මුහුණු වැසෙන සේ පලදින බුර්කාව තහනම් කිරීම පිළිබඳව කිසිදු සාකච්චාවක් සිදුනොවූ බව දන්වා සිටිමි.

පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාරයත් සමඟ රට තුළ ඇති වූ වත්මන් තත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර පාස්කු ඉරිදා සිදුවූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරයට ඉස්ලාම් ප්‍රජාවගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව සමස්ථ ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිතයින් පැවසීය.

එහිදී සාකච්ඡාවූයේ සමස්ථ මුස්ලිම් ජනතාව දෙස සැකයෙන් බැලීම වැරදි බවත් මුස්ලිම් ප්‍රජාව සහ ත්‍රස්තවාදීන් වෙන්කොට හඳුනාගත යුතු බවත් ඔවුන් පැවසීය.

මෙම හමුවේදී බුරුකාව තහනම් කිරීමට විපක්‍ෂ නායකතුමා විරුද්ධ බව සමාජ මාධ්‍ය ජාලා වල මේ දිනවල ප්‍රචාරය වන අතර එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රකාශ කරමි.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

Leave A Reply

Your email address will not be published.