මාපලගම විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති මාපලගම ගුණසිරි හිමියන් ඝාතනය කිරීම කිසිසේත්ම ජාතිවාදී පදනමකින් හෝ පසුගියදා සිදු වූ ත්‍රස්තවාදි ප්‍රහාරයන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාළන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදාළ අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි.
ඇතැම් පුද්ගලයන් මෙම ඝාතනය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයන් කල හැකි බැවින් එහි සත්‍යතාවය ප්‍රචාරය කිරීමේ අරමුණින් අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඝාතනය සැල වූ අවස්ථාවේදීම මෙම වරදකරුවන් සොයා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරමින් සාමය රැක ගැනීම සඳහා කටයුතු කරන ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලා බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම සිද්ධිය අන්තවාදීන් විසින් ජාතිවාදය ඇවිස්සීම සඳහා යොදාගනිමින් සිටින බැවින් වැරදි ප්‍රචාරයන්වලට නොරැවටෙන ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.
උන් වහන්සේගේ ආදාහන කටයුතු සෙනසුරාදා සවස 2.00 ට ඇතුමලේ විහාරස්ථානයේදී සිදු කිරිමට කටයුතු සූදානම් කර ඇත.
මෙම සිදුවිම සම්බන්ධව අතිශය ශෝකය හා කණගාටුව ප්‍රකාශ කරන අතර වැරදිකරුට දඬුවම් ලබා දීමටද නීතිය ක්‍රියාත්මක කිරීමටද කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා තව දුරටත් පවසා තිබේ.
හිමි නම ඝාතනය කළ සැකකරු අද(01) උදෑසන පලායමින් සිටියදී අල්ලාගත් අතර, ඔහු අත්අඩගුංවට ගෙන ඇත්තේ වඳුරඹදීය.
මාපලගම විද්‍යාතිලක පිරිවෙනේ නැවතී සිටි මෙම සැකකරු ලේලවල ගුරුගේ ගුණදාස නම් 75 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පවසයි.
ඊයේ (30) සවස ඝාතනයට ලක් වූ හිමියන් සමඟ ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් ඔහු මෙම ඝාතනය කර ඇති බවත් ඝාතනය කර ඇත්තේ පොල්ලකින් පහරදීමෙන් බවත් මූලික පරීක්ෂණවලින් හෙලි වී ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරු මින් ඉහත දී මිනිස් ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් වසර 12 ක් බන්ධනාගාරගත වී සිටි පැමිනි අයකු බව පොලීසිය පවසන බවත් අදාළ නිවේදනයේ තව දුරටත් දක්වා තිබේ.