සංගක්කාර MCC සභාපති ධුරයට

මෙරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) බ්‍රිතාන්‍ය ජාතික නොවන පළමු සභාපති තනතුරට කුමාර් සංගක්කාර යෝජනා වී තිබේ.

ඒ මෙරිලිබෝන් ක්‍රිකට් සමාජයේ අද (01) පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදීය.

ලබන ඔක්තෝබර් මාසයේදී මෙම පත්වීම සිදු කිරීමට නියමිතව තිබේ.

එම ධූරය සංගක්කාර විසින් භාරගත හොත් වසරක කාලයක් ඔහුට එම ධූරයේ කටයුතු කිරීමට හැකිවනු ඇති.

එසේ වුවහොත් මෙරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට තේරී පත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන පළමුවැන්නා වන්නේ, කුමාර් සංගක්කාරයි.

Leave A Reply

Your email address will not be published.