මාස තුනකින් මේක ඉවර කරන්න බෑ.. අවුරුදු දෙකක් යනවා

ඇතැමුන් කියන පරිදි වත්මන් ත්‍රස්තවාදී අර්බුදය මාස දෙකකින් හෝ තුනකින් අවසන් කිරීමට නොහැකි බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

මෙම ප්‍රශ්නය විසඳීමට අඩුම තරමින් වසරක් හෝ දෙකක් පමණ ගතවනු ඇති බවත් මෙය උපායමාර්ගිකව ක්‍රමානුකූලව කළ යුතු කටයුත්තක් බවද පැවසූ ඒ මහතා දැං කරන්නේ හැංගිමුත්මක් යයිද සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමට ගොස් එම කටයුතු අවසානයේදී මාධ්‍ය අමතමිනි.

හමුදාපති මහේෂ් සේනානායක මහතා මෑතකදී කියා සිටියේ මෙම ත‍්‍රස්ත කණ්ඩායම් මාස තුනක් ඇතුලත අවසන් කරන බවයි.

Leave A Reply

Your email address will not be published.