රුසියානු සංචාරක කණ්ඩායමක් ලංකාවට

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා රුසියානු සංචාරකයන් පිරිසක් අද කටුනායක ගුවන්තොටුපල පැමිණීම විශේෂත්වයකි.

52කින් සමත්විත මෙම පිරිස සති දෙකකට ආසන්න කාලයක් මෙරට තුළ රැඳී සිටීමට බලාපොරොත්තු වෙයි.

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට ම එල්ල වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් සංචාරක පැමිණීම විශාල වශයෙන් බිඳ වැටී තිබිණි.

මෙරට සිටි සංචාරකයන් ද ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් ඉවත් වූ අතර ඔවුන්ගේ මව් රටවල් ද වහා ශ්‍රී ලංකාවෙන් ඉවත් වන ලෙසට නිවේදනය කරනු ලැබීය.

Leave A Reply

Your email address will not be published.