උණුසුම් පුවත් කාත්තන්කුඩි මෙහෙයුම් අරඹයි.. නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ දෙදෙනෙක් උණ්ඩ 48ක් සමගින් අත්අඩංගුවට..
නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා විසින් දේශපාලන කාර්යාලයක් ලෙස භාවිත කරන ලද කාත්තන්කුඩි නගරයේ කාර්යාලයක තිබී T-56 උණ්ඩ 48ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමගම නැගෙනහිර ආණ්ඩුකාර කාර්ය මණ්ඩලයේ යැයි කියන පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්‍ෂක අංශ විසින් කාත්තන්කුඩි නගරයේ කරන ලද මෙහෙයුම් කටයුතු අතරතුරුදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
අත්අඩංගුවට ගත් දෙදෙනා කළමණාකාර සහකාරවරයකු හා මහජන සබඳතා නිලධාරියකු ලෙස නැගෙනහිර ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සේවය කරන්නන් වෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරන ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසන්නේ අදාල උණ්ඩ තම ආරක්‍ෂක පොලිස් නිලධාරින්ට පොලිසිය මගින් නිකුත් කළ ඒවා බවයි.
අත්අඩංගුවට ගත් දෙදෙනාගේ කිසිදු සම්බ්නධයක් අදාල උණ්ඩ සදහා නැති බවද නිවේදනයේ දැක්වෙයි.
lankacnews