පසුගිය 21 වන දින පාස්කු ඉරිදාවේ ශ‍්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට පහර දුන් කණ්ඩායමම මෙරට තුල තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් තිබිය හැකි බව කොළඹ සිටින අමෙරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කරයි.
ශ‍්‍රී ලංකාවට ඇති ත‍්‍රස්තවාදී තර්ජනය සම්පුර්ණය පහව ගොස් නැතැයිද ඇය රොයිටර් පුවත් සේවය හා සදහන් කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන ලද පිරිසේ සාමාජිකයින් තවමත් සක්‍රියව ඇතැයි විශ්වාස කල හැකි බවත් ඇය සදහන් කරන්නීය.
ත‍්‍රස්තවාදී සාමාජිකයින් සම්පූර්ණයෙන්ම මර්ධනය වී නැතැයිද පවසන ඇය තවත් සැලසුම් සකස් කරනු අතැයිද සැක කළ හැකි යයිද වැඩි දුරටත් කියයි.
lankacnews