පල්ලිවලට කඩු ගෙනාවේ කැළේ කපන්න-මුස්ලිම් කටයුතු ඇමති

මුස්ලිම් දේවස්ථාන තිබී හමුවන ආයුධ එම දේවස්ථාන  පිරිසිදු කිරීම සඳහා ගෙනඑන්නට ඇති ඒවා බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

අද(30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර දේවස්ථාවල තිබී හමුවන ආයුධ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් නිසි පරීක්ෂණ පවත් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ජාතික තව්හීද් ජමාත් සංවිධානය මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති සංවිධානයක් බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.