2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය කඩුලු 8කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
ඔවුන්ට පන්දු ඕවර 33යි පන්දු 02කදී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 156කි.
ජයග්‍රාහි ලකුණු 157ක .ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 25යි පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 160ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.
පැතුම් නිස්සංක අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රැස් කළේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී පන්දු 83කදී ලකුණු 77ක් රැස් කළ අතර සදීර සමරවික්‍රම නොදැවී පන්දු 54කදී ලකුණු 65ක් ලබාගත්තේය.
තරගයේ වීරයා ලහිරු කුමාර යි.