Curtin Colombo Staff Exchange හරහා සිය අධ්‍යන කාර්ය මණ්ඩලය සහ සිසුන් සවිබල ගැන්වීමට ඉඩහසර විවර කරයි.
කළමනාකරණය සහ අලෙවිකරණය පිළිබඳ Curtin විශ්ව විද්‍යාලයේ ආරාධිත දේශකවරයා විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.
ආයතන දෙක අතර අධ්‍යන කාර්ය මණ්ඩල හුවමාරු කරගැනීමේ වැඩසටහනකට මුල පුරමින් Curtin Colombo විසින් මෙරට සංචාරයක නිරත වුණ Curtin විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ අලෙවිකරණය පිලබඳ පාසල් ප්‍රධානී මහාචාර්ය ජූලියා රිචර්ඞ්සන් මහත්මිය පසුගිය දිනෙක ගෞරවයෙන් මෙරටට පිළිගනු ලැබීය.
අධ්‍යන කාර්ය මණ්ඩල හුවමාරු කරගැනීම වැනි මෙවැනි පියවර හරහා Curtin Colombo සහ Curtin Australia නිරන්තරයෙන් සිය සබඳතාවයන් පවත්වාගෙන යනු ලබන්නේ දැනුම සහ විශේෂඥභාවය බෙදාහදා ගැනීමේ අරමුණෙනි. මීට අමතරව, සිසුන්ට විදේශීය කථිකාචාර්යවරුන්ගෙන් ඉගෙන ගැනීමට අද්විතීය අවස්ථාවක් මෙහිදී හිමි වේ. ඔවුන්ගේ අධ්‍යාපනික අත්දැකීම් වැඩි දියුණු කරගැනීමට සහ ලොව පුරා අධ්‍යාපනික අවස්ථාවන් බෙදා හදා ගැනීමටද ඔවුන්ට මේ හරහා අවස්ථාව හිමි වේ.
එමෙන්ම මෙම සංචාරය අතරතුර, මහාචාර්ය රිචඞ්සන් Curtin විශ්ව විද්‍යාලයේ නව්‍ය ව්‍යාපාර පරිපාලන උපාධි වැඩසටහනේ (BBA) වාසි පිළිබඳවද සාකච්ඡා කරන ලදි. Curtin Colombo විසින් පිරිනමන මෙම සුවිශේෂී BBA වැඩසටහන හරහා ජාත්‍යන්තර ව්‍යාපාර, ඩිජිටල් අලෙවිකරණය සහ නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය යන විශේෂතා තුනක් පිරිනමනු ලබයි. BBA සඳහා වන පළමු බඳවා ගැනීම Curtin Colombo ද විසින් මේ වන විට ආරම්භ කර ඇත.
Curtin විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන පාසල සැබවින්ම ලෝකව්‍යාප්ත අධ්‍යනයන කටයුතු පිලිබඳ අවධානය යොමු කර ඇති අතර, එහි අධ්‍යන කටයුතු වෙනුවෙන් ලොව පුරා ජාතීන් 27 ක් නියෝජනය කරන මහාචාර්යවරුන් 100කට අධික සංඛ්‍යාවක් සිටින බවද Curtin විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ අලෙවිකරණය පිලබඳ පාසල් ප්‍රධානී මහාචාර්ය රිචඞ්සන් ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ සිසුන්ට විදෙස් කථිකාචාර්යවරුන්ගේ අත්දැකීම් සහ ගෝලීය ව්‍යාපාරික ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින් පර්ත් හි විශ්ව විද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලය සමඟ වැඩ කිරීමට අවස්ථාව හිමි වනු ඇත. එමෙන්ම මෙමගින් ශ්‍රී ලාංකික සිසුන්ට ඔස්ටේ්‍රලියාවේ පමණක් නොව ලොව පුරා සිදුවන දේ පිළිබඳව වටිනා දැනුම සම්භාරයක් හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසේ.
ගෝලීය ව්‍යාපාරික ක්ශේත්‍රය තුළ දිනෙන් දින ඉහළ යන අවශ්‍යතා සහ ඉල්ලුම පිලිබඳව අවබෝධ කර ගැනීමට සිසුන්ට උපකාරී වන අයුරින් BBA වැඩසටහන සැලසුම් කර ඇති ආකාරය සහ ඊට ගැළපෙන අයුරින් රැකියා සහ නිපුණතා එකතුවක් නිර්මාණය කර ඇති ආකාරය මෙන්ම උපාධිධාරීන් ඔවුන්ගේ වෘත්තීන් සඳහා හොඳින් සූදානම් කරන ආකාරය පිළිබඳ ඇය තවදුරටත් විස්තර කළාය.
Curtin Colombo හි අධ්‍යන කාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන මගින් දැනුම හුවමාරු කිරීම සිදුවන අතරම අධ්‍යන කාර්ය මණ්ඩල සංවර්ධනය සඳහා පහසුකම් සපයනු ලබයි. එමෙන්ම ඔස්ටේ්‍රලියානු සගයන් සමඟ එක්ව වැඩ කිරීම තුළින් පීඨවලට ඔවුන්ගේ ඉගැන්වීමේ කුසලතා සහ වෘත්තීය වර්ධනය ඉහළ නැංවීමට හැකි වන අතර අවසානයේ මෙමගින් ආයතනයට සහ සිසුන්ට උසස් ප්‍රතිලාභ ලැබේ.
Curtin Colombo ද හි සිටින සිසුන්ට ඔස්ටේ්‍රලියානු ඒකක සම්බන්ධීකාරකවරුන් වෙත සෘජුවම සම්බන්ධ වීමට හැකියාව පවතී. ඔවුන්ට විශේෂඥ මගපෙන්වීම් ලබාගැනීමට සහ ඉහළම මට්ටමේ අධ්‍යාපනයක් සහතික කිරීමට මේ තුළින් හැකි වේ. විදේශීය කථිකාචාර්යවරුන් සමඟ එක්ව කටයුතු කිරීම හරහා Curtin Colombo සිසුන් හට නූතන ලෝකයට ගැලපෙන ඉදිරි දැක්මක් පිලිබඳ අවබෝධයක් ලැබෙන අතරම අන්තර් සම්බන්ධිත ලෝකයක වෘත්තීය අවස්ථා සඳහා ඔවුන් හොඳින් සූදානම් කරනු ලබයි.
අධ්‍යන කාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන මගින් Curtin university එහ සහ Curtin Colombo පීඨයන්ගේ සහ අනෙකුත් සිසුන්ගේ අධ්‍යාපන චාරිකා හරහා තවදුරටත් දැනුමෙන් පොහොසත් කරමින් දැනුම, ප්‍රවීණත්වය සහ අත්දැකීම් හුවමාරු කරගැනීමට අවස්ථාව සකසනු ලබයි.
මහාචාර්ය ජූලියාගේ පැමිණීම Curtin Colombo මගින් පිරිනමනු ලබන Curtin BBA වැඩසටහනේ උසස් තත්ත්වය සහ ජාත්‍යන්තර ප්‍රමිතිය තවදුරටත් අවධාරණය කරයි. ගුණාත්මක අධ්‍යාපනයක් අපේක්ෂා කරන සිසුන් සහ දෙමාපියන්ටCurtin Colombo සහ Curtin විශ්ව විද්‍යාලය අතර ඇති හවුල්කාරිත්වය හරහා උසස් අධ්‍යාපනයට ලැබෙන විශිෂ්ටත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දෙයි.
Curtin Colombo සහ එහි වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර සඳහා, උනන්දුවක් දක්වන සිසුන්ට www.curtincolombo.lk වෙත පිවිසීමට හෝ [email protected] හරහා හෝ 076 555 8989 හරහා Curtin Colombo ඇමතීමට හැකිය.