ශ්‍රී ලංකාව හමුවේ එංගලන්ත ඉනිම ලකුණු 156කට සීමා වේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (26) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

ඒ අනුව පන්දුවාර 33යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී එංගලන්තය රැස් කළේ ලකුණු 156කි.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවී ඇති ඉලක්කය ලකුණු 157කි.

Leave A Reply

Your email address will not be published.