තෙල් මිලත් වැඩිවන ලකුණු

ගාසා තීරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සියලුම ඉන්ධන වර්ගවල මිල යළිත් සියයට 4කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් මිළ පහළ යමින් තිබු අවස්ථාවේ යම් සහනයක් ලැබීමට ශ්‍රි ලංකාවට ලැබුණු අවස්ථාව පසුගිය දින කිහිපයක සිට ගිලිහී යන බවක් පෙනෙන්නට ඇතිබවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසන්නේ.

නමුත් ලබන වසරේ ජුනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බව ඔහු පවසනවා.

ඒ නිසා එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

 

Leave A Reply

Your email address will not be published.