සංචාරක පැමිණීමේ වර්ධනයක්

මේ මස ගත වූ දින කිහිපය තුළ සංචාරකයන් 50,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ මස 01වැනිදා සිට 15 වැනි දින දක්වා කාලය තුළ සංචාරකයන් 50,395 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයන් වන අතර, එම සංඛ්‍යාව 12,261ක් .

රුසියානු, බ්‍රිතාන්‍ය, චීන, ජර්මන්, ඔස්ට්‍රේලියානු ඇතුළු රටවල් කිහිපයක සංචාරකයන් ද එම කාලය තුළ දිවයිනට පැමිණ ඇති බව වාර්තා වන අතර

පසුගිය මාසය තුළ සංචාරකයන් 111,938කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.

ඒ අනුව මේ වසරේ ගත වූ මාස කිහිපය මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 1,066,651ක් වන බව සඳහන්.

Leave A Reply

Your email address will not be published.