ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණ සිටින නියෝජිතයින් පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය මෙරටට ලබාදීම සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව එහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ලබාදීමට අනුමැතිය හිමිවූ අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9න් පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක මුදලක් මේවනවිට ලැබී තිබෙනවා.